අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ඊයේ (9) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්ව තිබෙනවා.
සාමාන්‍ය අධ්‍යාපන අංශයට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමයි මෙහිදී සිදු වුණේ.
2027 වර්ෂයට අදාළව, 2 සහ 6 යන ශ්‍රේණි සඳහා ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉදිරි වැඩපිළිවෙළ සහ පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වත්මන් ප්‍රගතිය පිළිබඳ කරුණු ඇතුළත් සාරංශගත වාර්තාවක් මෙහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් ඉදිරිපත් කළා.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වූ ජාතික විෂයමාලා රාමුව (NCF), ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වූ සංකල්ප පත්‍රිකාව (2026) සහ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන පාසල් මට්ටමේ තක්සේරු සහ සහතික කරණ රාමුව යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සම්පාදිත ප්‍රතිපත්තිමය ලියකියවිලි මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති බවත්, ඒවා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවල නිර්දේශයන් සැලකිල්ලට ගෙනයි ජාතික විෂයමාලා රාමුව (NCF) තුළ අඩංගු ප්‍රධාන සංකල්ප පිළිබඳ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
විෂය කාල පරිච්ඡේදයක් මිනිත්තු 40ක් වශයෙන්, පාසල් කාලය පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා පැවැත්වීමට ඒ තුළින් නිර්දේශ කර ඇති බව පැවසූ ඒ මහතා, සාමාන්‍ය පෙළ විභාගය ඉතිහාසය සහ සෞන්දය යන විෂයන් ද සහිතව විෂයයන් 7 කින් සමන්විත වන බවත්, එම විෂයන්ද ඇතුළුව මව් භාෂාව, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, ආගම වැනි අනිවාර්ය විෂයන් විභාග දෙපාර්තමේන්තුව මගින් පාසල් මට්ටමින් සම්භවන, අඛණ්ඩ හා සම්පිණ්ඩන (Formative and Continuous and Summative Assessment) වශයෙන් වූ ඇගයීම් ක්‍රියාවලියකට ලක් කිරීමට හැකි ක්‍රම වේදයක්ද ඒ තුළ අන්තර්ගතව පවතින බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.
එමෙන්ම, එම ජාතික විෂයමාලා රාමුව (NCF) ඔස්සේ, 10-11 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂයයන් හඳුන්වා දීම සහ 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිදියාව, නීතිය සහ ආචාර ධර්මම මොඩියුල ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත්, එම ශ්‍රේණි සඳහා වෘත්තීය විෂයධාරා, වෘත්තීය මාර්ගයන් සහ විදේශීය භාෂා හැදෑරීමට අවශ්‍ය අවස්ථාවන් හඳුන්වාදීම දීමට අදාළ සංකල්පද ඒ තුළ ඇතුළත් වන බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කරන ඇගයීම් සහ තක්සේරු කරණ ක්‍රියාවලියේදී අඛණ්ඩ ඇගයීම (Continuous Assessments) සහ සම්පිණ්ඩන ඇගයීම (Summative Assessments) සඳහා 50% බැගින් වෙන් කර ඇති බව පැවසූ ඒ මහතා, GPA ක්‍රමය වෙනුවට විවිධ විෂයයන්වල විෂය පරාසයේ පවතින ස්වභාවයට අනුව අවසාන ප්‍රතිඵලය ගණනය කරනු ලබන සම්භාර ලකුණු ගණනය කිරීමේ (Weighted average marks) ක්‍රමයක් ද හඳුන්වාදීමට සූදානම් බව ප්‍රකාශ කළා.
එසේම, මොඩියුල මුද්‍රණය හා බෙදාහැරීම, ගුරු පුහුණු කිරීම, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සහ පාසල් පරිපාලන ව්‍යුහය කාර්යක්ෂම කිරීම වැනි කටයුතු වල වත්මන් ප්‍රගතියද ඒ මහතා මෙහිදී පෙන්වා දුන් අතර, මේ වසර තුළදී පළමු ශ්‍රේණිය සඳහා ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධාරණය කළා.
තවද, එළි දැක්වූ නව මුල් ළමා විය විෂයමාලා රාමුවට හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව දීපව්‍යාප්ත වශයෙන් 2027 වසරේදී සිදු කිරීමට නියමිත පෙර පාසල් සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට අදාළ උපදෙස් ද ලබා දුන්නා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිටින සියලු වෘත්තීය පාර්ශ්වකරුවන්ගේ උපදෙස් පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් හා ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති බැවින්, සිසුන්ට එහි නියම ප්රතිලාභ අත්කරදීම සඳහා සියලු පාර්ශවයන් අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දෙමාපියන් ඇතුළු සමාජීය පාර්ශ්වයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළා.
එසේම, ජාතික ප්‍රතිපත්තියට අනුකූලව පෙර පාසල් සංවර්ධන කටයුතු සිදු කළ යුතු බව කී අග්‍රාමාත්‍යවරිය, මුල් ළමාවිය විෂයමාලා රාමුවට හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීමය ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව ද මෙහිදී අදහස් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල කාලගුණයේ සැලකිය යුතු වෙනසක්
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්! දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි!
හිටපු ජනපති ගෝඨාභය FCIDයට
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට