පසුගිය කාලයේ ලැබුණු වැඩි වර්ෂාපතනය හේතුවෙන් විදුලි ජනනය සඳහා යන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වූ බැවින්, ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට කිසිදු ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව වරාය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“අපි හිතනවා ඉදිරි මාස තුන, විශේෂයෙන් 2026 දී මේ එල්-නිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා.
ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 03 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා.”

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට
අර්චුනා රාමනාදන් අනුරාධපුර වේදිකාවට
රත්‍රං මිල පහතට
රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට
අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 12 දක්වා අඩු කරයි
පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න ආණ්ඩුවෙන් අලුත්ම වැඩක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව රැස්වෙයි
විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල කාලගුණයේ සැලකිය යුතු වෙනසක්
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්! දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි!
හිටපු ජනපති ගෝඨාභය FCIDයට
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්