නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික පන්ති සඳහා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රියාවලියක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව දිනපතා පොත්පත් එහා මෙහා රැගෙන යාමේ අවශ්‍යතාවක් මතුව නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබා දී ඒවා ඇසුරින් සක්‍රීයව වැඩ කරන ක්‍රියාවලියක් නිර්මාණය කරන බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරිය, හඳුන්වා දෙන නව මොඩියුලර් ක්‍රමය තුළින් පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර සෑහෙන දුරට අඩු කරගත හැකි වන බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.
“ප්‍රාථමික පංති වල කොහොමටත් ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ පොත් එහාට මෙහාට ගෙනියන. පොත තියෙන්නේ පංති කාමරයේ.
ළමයා ඒකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමා ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. 2027 ඉදන් අපි 6 වසරට හදුන්වා දෙන ක්‍රමවේදය තුළ, මොඩියුලර් ක්‍රමය නිසා,
මොඩියුලර් කියන්නේ ටෙක්ස් බුක් තරම් ලොකු පොත් නෙමෙයි. එනිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුලර් එකක් තමා දරුවන්ට ලබාදෙන්නේ. ඒක කොහොමටත් ප්‍රින්ට් කොපි එකක් වෙන්න ඕනි.
යම්තාක් දුරකට, අපිට සියලු දේම ඩිජිටල් කරණය කරන්න බෑ. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත් පත් ලබාදෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන්න.
නමුත් මොඩියුලර් ක්‍රමය තුලින් මේ පොත් බෑගයේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා.”

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට
අර්චුනා රාමනාදන් අනුරාධපුර වේදිකාවට
රත්‍රං මිල පහතට
රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට
අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 12 දක්වා අඩු කරයි
විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව රැස්වෙයි
විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල කාලගුණයේ සැලකිය යුතු වෙනසක්
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්! දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි!
හිටපු ජනපති ගෝඨාභය FCIDයට
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්