නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික පන්ති සඳහා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රියාවලියක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව දිනපතා පොත්පත් එහා මෙහා රැගෙන යාමේ අවශ්‍යතාවක් මතුව නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබා දී ඒවා ඇසුරින් සක්‍රීයව වැඩ කරන ක්‍රියාවලියක් නිර්මාණය කරන බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරිය, හඳුන්වා දෙන නව මොඩියුලර් ක්‍රමය තුළින් පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර සෑහෙන දුරට අඩු කරගත හැකි වන බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.
“ප්‍රාථමික පංති වල කොහොමටත් ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ පොත් එහාට මෙහාට ගෙනියන. පොත තියෙන්නේ පංති කාමරයේ.
ළමයා ඒකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමා ඒක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. 2027 ඉදන් අපි 6 වසරට හදුන්වා දෙන ක්‍රමවේදය තුළ, මොඩියුලර් ක්‍රමය නිසා,
මොඩියුලර් කියන්නේ ටෙක්ස් බුක් තරම් ලොකු පොත් නෙමෙයි. එනිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුලර් එකක් තමා දරුවන්ට ලබාදෙන්නේ. ඒක කොහොමටත් ප්‍රින්ට් කොපි එකක් වෙන්න ඕනි.
යම්තාක් දුරකට, අපිට සියලු දේම ඩිජිටල් කරණය කරන්න බෑ. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත් පත් ලබාදෙන්න සහ ඒවා තුළ වැඩ කරන ක්‍රියාවලියක් ඇති කරන්න.
නමුත් මොඩියුලර් ක්‍රමය තුලින් මේ පොත් බෑගයේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා.”

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට