Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

12 minutes ago

පසුගිය කාලයේ ලැබුණු වැඩි වර්ෂාපතනය හේතුවෙන් විදුලි ජනනය සඳහා යන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වූ බැවින්, ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට කිසිදු ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව වරාය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අපි හිතනවා ඉදිරි මාස තුන, විශේෂයෙන් 2026 දී මේ එල්-නිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා.

ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 03 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *