රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබෙනවා.
සාමාජික රටවල් 11ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර BRICS සමුළුවේදී මැදපෙරදිග සහ යුක්‍රේන යුද්ධ මෙන්ම ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද ප්‍රධාන අවධානය යොමුවනු ඇති බව සඳහන්.
රුසියානු ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන අතර චීන ජනාධිපති ෂී ජින්පින් ද දෙදින සමුළුවට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.
මෙය 2019 වසරෙන් පසු ෂී ජින්පින් ඉන්දියාවේ සිදුකරන පළමු සංචාරය වන අතර, ඉන්දියාව සහ චීනය අතර පවතින සබඳතා යළි යහපත් අතට හැරෙමින් පවතින බවටද මෙය වැදගත් සංඥාවක් ලෙස සැලකෙනවා.
මේ අතර, ඉරාන යුද්ධය හේතුවෙන් BRICS කණ්ඩායමේ එකමුතුවද දැඩි පරීක්ෂාවකට ලක්වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඉන්දියාව ඉරානය සහ ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වාගෙන යන අතරම, අමෙරිකාව සමඟද සිය සබඳතා සමබරව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.
රුසියාව සමඟ ඇති සමීප සබඳතා හේතුවෙන් ඉන්දියාව, ඉරාන යුද්ධයෙන් ඇති වූ බලශක්ති අර්බුදයට මුහුණ දීමේදී රුසියානු ඉන්ධන වෙතද වැඩි වශයෙන් යොමුවී ඇති බව සඳහන්.

කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට
සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට තවත් නඩුවක්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට