Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්

11 hours ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක (ශ්‍රී ලංකා පරිපාලන සේවය – විශේෂ ශ්‍රේණිය)  ලෙසද කටයුතු කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *