දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් දූෂණ චෝදනා ඇතුළත් නඩුවක් සඳහා අද (11) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණි.
2013 වසරේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අනීතික ලෙස වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයක් හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස විමර්ශනයට සම්බන්ධ වූ නිලධාරියකු එක් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම නඩුවේ විභාගය අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ අලුතින් සාක්ෂිකරුවන් එක් කිරීමට අනුමැතිය පැතීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව පැවසුවේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා කියා සිටියේ අදාළ විමර්ශන නිලධාරියා මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එක් කර ගැනීමට අවසර දෙන දෙන බවය.
ඒ අනුව අදාළ සාක්ෂිකරු මාර්ගයෙන් අධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒවා අද දින සිට සතියක් තුළ විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළේය.
2013 වසරේ මැයි මස 10 වනදා සහ ජුනි මස 6 වනදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ් පත් තුන්දහසක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520/- ක පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නැමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්