ශ්‍රී ලංකාවේ උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වූ ළමුන් සහ යෞවනයන් 900ත් 1,000ත් අතර සංඛ්‍යාවකට වසරකට පිළිකා රෝගය වැළඳෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කුඩා දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර මෙලෙස පිළිකා රෝගීන් වාර්තා වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවයි.
ළමුන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ග ලෙස ලියුකේමියාව, මොළයේ පිළිකා, අස්ථි පිළිකා, ඇසේ පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා හඳුනාගෙන තිබේ.
කුඩා අවධියේදීම පිළිකා හඳුනාගැනීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීම මගින් දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ප්‍රවණතාව සැළකිව යුතු ලෙස ඉහළ නැංවිය හැකි බැවින්, ළමා පිළිකා පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.

කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට
සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට තවත් නඩුවක්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට
අර්චුනා රාමනාදන් අනුරාධපුර වේදිකාවට