තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ සිදුකිරීම සහ පරිශීලකයන් නොමඟ යැවීමේ චෝදනා මත මෙටා (Meta) සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ. ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්ය ජාලයන්හි මව් සමාගම වන මෙටා වෙත අධිකරණයක් විසින් ඉතිහාසයේ පැනවූ ඉහළම දඩ මුදල මෙය බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අමෙරිකාවේ නිව් මෙක්සිකෝ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, නියම කර ඇති අදාල දඩ මුදල එම ප්රාන්තය තුළ මෙටා සමාගමේ එක් කාර්තුවක සමස්ත ලාභයට සමාන වන බව සඳහන් වේ.
මෙටා සමාගමේ විධායක නිලධාරීන් විසින් වසර ගණනාවක සිට තම පරිශීලකයන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික දත්ත තෙවැනි පාර්ශ්ව වෙත සපයා ඇති බව නිව් මෙක්සිකෝ අධිකරණයේදී විභාග වූ නඩු විභාගයේදී තහවුරු වී ඇත. දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ කිරීමට අමතරව පරිශීලකයන් නොමඟ හැරීමේ චෝදනාවට ද මෙටා සමාගම වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ.

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට