පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (25) මධ්යම රාත්රී 12 සිට නැවත දැනුම්දෙනතුරු රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර සියලුම දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමක් සක්රිය වීමත් සමඟ දුම්රිය මාර්ගයට පස් සේදී ඒම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (24) සහ අද (25) හදිසි ප්රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණ ද, ප්රදේශයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගොස් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය ධාවනය සඳහා මාර්ගයේ ආරක්ෂාව පූර්ණ වශයෙන් තහවුරු කරන තෙක් අදාළ දුම්රිය ධාවන කටයුතු අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, මෙම කාලසීමාව තුළ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ට, එම මුදල සම්පූර්ණයෙන්ම ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්