හෝමාගම මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා.
අද (25) අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි මෙම තරුණයා මියගොස් ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ පහරදීම හේතුවෙන් බවයි ඥාතීන් පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු පියෙකු වන ෆැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර නමැත්තායි.
අද උදෑසන ඔහු බැලීම සඳහා ඥාතීන් හෝමාගම මූලස්ථාන පොලිසියට ගොස් තිබෙන අතර, එහිදී අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් සිටි තරුණයා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් ඔසවාගෙන පැමිණි බවත්, ඔහුට පහරදී තිබූ බවත් ඥාතීන් චෝදනා කරනවා.
පසුව පොලිස් සිර මැදිරියේ වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර, කෙසේ වෙතත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි ඥාතීන් පවසන්නේ.
තම ඥාතියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින ඔවුන්, හෝමාගම මූලික රෝහල් භූමියේදී කලබලකාරී ලෙස හැසිරීමෙන් රෝහල් භූමියේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන බවත් වාර්තා වෙනවා.
(source – hiru news)

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්