ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව ලබාදී අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ, ත්රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වූ සත්යග්රහය තාවකාලිකව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම කළ හැකි උපරිම සිරදඬුවම මාස 18ක් බවත්, එම වරද සම්බන්ධයෙන් ඥානසාර හිමියන් මාස 10කට අධික කාලයක් බන්ධනාගාරගතව සිට ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත එදා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට පියවර ගත් බවත්, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද උන්වහන්සේට යළි ජනාධිපති සමාවක් ලබාදීම සලකා බැලිය හැකි බව සඳහන් වන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවති පාගමනට සහ සත්යග්රහයට සහභාගි නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ද අධිකරණ නියෝග ලබාගැනීමට රජය කටයුතු කිරීම බරපතල වැරැද්දක් බවයි එජාපය පවසන්නේ.
එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට නියෝග දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බව එම පක්ෂය නිවේදනයේ සඳහන් කරනවා.
ත්රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මැදිහත්වීම යටතේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව ලබාදී මෙම අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි