හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයකු තම පාවිච්චිය සඳහා ගෙන තිබූ වාහන හයක් තවමත් භාර නොදීම නිසා එම අමාත්‍යාංශය වාහන අර්බුදයකට මුහුණ පා සිටින බව අනාවරණය වේ.
හිටපු කාෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයාට අනුයුක්ත කරන ලද වාහන තුනක් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට නිකුත්ක කරන ලද වාහන තුනක් මෙලෙස භාර දී නැත.
මෙම දේශපාලනඥයා කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයා විසින් වෙනත් අමාත්‍යාංශයකට පත් කළේය. එහිදී අදාළ රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ඉහත අංක දරන වාහන හය කෘෂිකර්ම අමාත්‍යාංශයට භාර නොදී එම රාජය අමාත්‍යාංශයට රැගෙන ගොස් තිබේ.
මෙම වාහන භාර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉකුත් වසරේ (2021) ජූලි මස 23 වැනිදා මෙකී රාජ්‍ය ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයාට හා මෙම වසරේ මැයි මස 05 වැනිදා අදාළ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇතත් මෙතෙක් එම වාහන භාරදී නැත.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි