Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව ක්‍රමවේදයක්

1 year ago

එළැඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදීයි.

මෙම හමුව අද (24) පවත්වා තිබුණේ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසකගේ සහභාගිත්වයෙනි.

සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා මැදිහත්වන ලෙස ඔවුන් එම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වන විට ජනගත වී ඇති බැවින් එහි කිසිදු වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.

එළැඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත් ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව, එම ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත් අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *