එළැඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදීයි.
මෙම හමුව අද (24) පවත්වා තිබුණේ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින පිරිසකගේ සහභාගිත්වයෙනි.
සිය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා මැදිහත්වන ලෙස ඔවුන් එම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.
එහිදී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වන විට ජනගත වී ඇති බැවින් එහි කිසිදු වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.
එළැඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත් ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව, එම ක්ෂේත්රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත් අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?