මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා විසින් නියම කර තිබේ.
සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පුර්ණයෙන් තහනම් බව ඔහු සදහන් කර ඇත.
සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වෙනවා නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බව ද පැවසේ.
හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ඇත. ආරක්ෂක අංශයට එය පාලනය කළ නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.
ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය