මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා විසින් නියම කර තිබේ.
සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පුර්ණයෙන් තහනම් බව ඔහු සදහන් කර ඇත.
සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වෙනවා නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බව ද පැවසේ.
හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ඇත. ආරක්ෂක අංශයට එය පාලනය කළ නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.
ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්