පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද අනුමත කර ඇත.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිපුරක ඇස්තමේන්තුව පෙරේදා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊයේ (19) සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය.
ඉන් අනතුරුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීය.
ඒ අනුව, කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.
ඒ පිළිබඳව විශේෂ චක්රලේඛයක් මගින්ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබේ.
මීට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 24 හා 26 යන දෙදින නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දිනයේය.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්