Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

3 weeks ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද අනුමත කර ඇත.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිපුරක ඇස්තමේන්තුව පෙරේදා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඊයේ (19) සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය. 

ඉන් අනතුරුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීය.

ඒ අනුව, කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.

ඒ පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් මගින්ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබේ.

මීට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 24 හා 26 යන දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දිනයේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *