2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තීරණාත්මක තරගයකදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 65කින් පරාජය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 226ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
හයිද්‍රාබාද් ඉනිම ශක්තිමත් කළ හෙන්රිච් ක්ලාසන් පන්දු 35කින් ලකුණු 52ක් රැස් කළ අතර, අභිෂේක් ෂර්මා (පන්දු 21කින් 48) සහ ට්‍රැවිස් හෙඩ් (පන්දු 21කින් 46) වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් කොල්කටා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.
ලකුණු 227ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණි.
හයිද්‍රාබාද් පන්දු යවන්නන් හමුවේ කොල්කටා පිතිකරුවන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් හිමි නොවීය.
මෙම තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලාංකේය ක්‍රීඩක එෂාන් මාලිංග කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළේය. ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 2ක් තුළ ලකුණු 14කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
පන්දු යැවීමට අමතරව පන්දු රැකීමේදී ද දියුණු දක්ෂතා පෙන්වූ ඔහු, විශිෂ්ට උඩ පන්දුවක් සහ දුවද්දී දවා ගැනීම් (Run-outs) 2ක් සිදු කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!