නාසා (NASA) ආයතනය මෙහෙයවන ආටිමිස් II (Artemis II) මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන්, මිනිස් ඉතිහාසයේ පෘථිවියේ සිට අභ්‍යවකාශයට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් ඊයේ (06) නව ලෝක වාර්තාවක් පිහිටුවීය.
මීට පෙර මෙම වාර්තාව සතු වූයේ 1970 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක වූ සුප්‍රකට ‘ඇපලෝ 13’ (Apollo 13) මෙහෙයුමටයි. එහිදී ගගනගාමීන් පෘථිවියේ සිට සැතපුම් 248,655ක් ඈතට ගමන් කර තිබුණි.
වසර 56කට පසු එම වාර්තාව බිඳ හෙලීමට ආටිමිස් 2 මෙහෙයුම සමත් වූයේ ඊයේ (06) දිනයේදී ඔවුන් චන්ද්‍රයාගේ වඩාත් දුරින් පිහිටි ප්‍රදේශය (Lunar Farside) පසුකර යාමත් සමඟිනි.
එහිදී ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,752ක් ඈතට ගොස් ඇති බව වාර්තා වේ.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්