Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආටිමිස් II ගගනගාමීන් පිහිට වූ සුවිශේෂී වාර්තාව

3 weeks ago

නාසා (NASA) ආයතනය මෙහෙයවන ආටිමිස් II (Artemis II) මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන්, මිනිස් ඉතිහාසයේ පෘථිවියේ සිට අභ්‍යවකාශයට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් ඊයේ (06) නව ලෝක වාර්තාවක් පිහිටුවීය.

මීට පෙර මෙම වාර්තාව සතු වූයේ 1970 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක වූ සුප්‍රකට ‘ඇපලෝ 13’ (Apollo 13) මෙහෙයුමටයි. එහිදී ගගනගාමීන් පෘථිවියේ සිට සැතපුම් 248,655ක් ඈතට ගමන් කර තිබුණි.

වසර 56කට පසු එම වාර්තාව බිඳ හෙලීමට ආටිමිස් 2 මෙහෙයුම සමත් වූයේ ඊයේ (06) දිනයේදී ඔවුන් චන්ද්‍රයාගේ වඩාත් දුරින් පිහිටි ප්‍රදේශය (Lunar Farside) පසුකර යාමත් සමඟිනි.

එහිදී ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,752ක් ඈතට ගොස් ඇති බව වාර්තා වේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *