Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!

4 hours ago

අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිර කිරීම් නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන ධජය සහිත “TOUSKA” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රහාර එල්ල කර එය සිය භාරයට ගෙන තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා මෙම පුවත සනාථ කර ඇත.

අඩි 900ක් පමණ දිගින් යුත් මෙම දැවැන්ත නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය අසල ඕමාන් බොක්කේදී යාත්‍රා කරමින් තිබියදී USS Spruance නමැති ඇමෙරිකානු යුද නෞකාව විසින් වටලනු ලැබීය.

නෞකාව නතර කරන ලෙසට ලබා දුන් අනතුරු ඇඟවීම් ඉරාන කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, නාවික හමුදාව නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇත.

“එය ඔවුන්ට එතරම් හොඳ අත්දැකීමක් වුණේ නැහැ,” යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ දැනට අමෙරිකානු මැරීන් භටයින් නෞකාවට ඇතුළු වී එහි පාලනය නතු කරගෙන ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *