Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්

2 weeks ago

මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරස්ථානයේදී බාලවයස්කාර ගැහැනු දරුවන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා රැසකට වරදකරු වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට එරට අධිකරණය විසින් වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.

1994 සිට 2002 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයට පැමිණි දැරියන්ව මෙලෙස අපයෝජනය කර ඇති අතර, දරුවෙකු සමඟ ලිංගිකව හැසිරීමේ චෝදනා 9ක් සහ අශෝභන ක්‍රියා සිදුකිරීමේ චෝදනා 8කට උන්වහන්සේ වරදකරු වී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තිවානා සඳහන් කළේ, මෙම ක්‍රියාව දැඩි විශ්වාසය පාවාදීමක් වන අතර එය දශක ගණනාවක් පුරා වින්දිතයින් දැඩි මානසික පීඩාවකට හා බියට පත්කිරීමක් බවයි.

සිවුර වෙනුවට බන්ධනාගාර ඇඳුමින් සැරසී සිටි විජිත හිමියන් තීන්දුවෙන් පසු ආධාරකරුවන්ට සිනහවෙමින් අත වැනීමත්, ඇතැමුන් උන්වහන්සේට වන්දනාමාන කිරීමට යාමත් හමුවේ වින්දිත පාර්ශ්වයන් දැඩි ලෙස කෝපයට පත්ව අප්‍රසාදය පළ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *