Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්

2 weeks ago

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ වැඩසටහන අද (9) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, අත්සන් ලබාගැනීමෙන් අනතුරුව පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

අද උදෑසන දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේදී පැවැති දේව කන්නලව්වෙන් පසුව පෙත්සමට අත්සන් ලබාගැනීම නිල වශයෙන් ආරම්භ කෙරිණි.

අද දිනය පුරා දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව සහ ගාල්ල යන නගරවලදී අත්සන් ලබාගන්නා අතර, හෙට (10) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *