Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් ගැන දැනුම්දීමක් 

1 day ago

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වන විට ඉතා වේගවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.

පෙරේදා දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගෙන මෙරටට පැමිණි ‘FRANCOIS’ නෞකාවේ ගෑස් තොගය මේ වන විට ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් සහිත සිව්වන නෞකාව වන ‘CORINTHIAN’ නෞකාව එළඹෙන ඔක්තෝබර් 22 වන දින මෙරටට ළඟා වීමට නියමිත බව සමාගම තහවුරු කරයි.

මෙම ගෑස් තොග වෙළෙඳපොළට මුදාහැරීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම ස්ථාවර වී, හිඟයකින් තොරව සුපුරුදු පරිදි අඛණ්ඩව ගෑස් බෙදාහැරීමට හැකිවන බව ලිට්රෝ සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *