බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය අද (26) දිනයේදී සුළි කුණාටුවක් බවටත් හෙට (27) වන විට ප්රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් තීව්ර වීමට ඉඩ පවතී.
පද්ධතියේ සෘජු බලපෑමක් නොමැති වුවද, පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කෙරේ.
උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක. ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව දිස්ත්රික්කවලට පස්වරු 1.00න් පසු වැසි ඇති වේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් පැයට කිලෝමීටර් 40–50 දක්වා තද සුළං හමන බැවින් අකුණු සහ තාවකාලික තද සුළං අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්