Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්

27 minutes ago

ඉදිරි අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ විදේශ සංචාරවල නිරත වීමෙන් හෝ විදේශීය උත්සව සඳහා සහභාගී වීමෙන් වළකින ලෙස කැබිනට් අමාත්‍යවරුන්ට, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතනවල ප්‍රධානීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම කාලසීමාව තුළ විදේශයන්හි පැවැත්වෙන විශේෂ අවස්ථාවන් සඳහා අවශ්‍ය නියෝජනය ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 අයවැය ලේඛනය නොවැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනි දින පැවැත්වේ.

කාරක සභා අවස්ථාවේ විවාද පැවැත්වෙන දිනවලදී අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගී වීම අනිවාර්ය වන අතර, අනෙකුත් විධායක නිලධාරීන් තම දෙපාර්තමේන්තු තුළ රැඳී සිටීම තහවුරු කළ යුතු බවට ද දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *