Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිංහල හා හින්දු අලුත් අවුරුදු ලග්න පලාපල – මේෂ ලග්නය

2 weeks ago 11.2 K

මේෂ – අතමිට මිල මුදල් ගැවසේ

ආර්ථිකය – මෙම වර්ෂය මේෂ ලග්න හිමි ඔබට මිල මුදල් ලැබීම් අතින් ඉතාම සුබදායක වර්ෂයකි. අනපේක්ෂිත මුදල් ලාභ හිමිවේ. ගොවිතැන්, ඉඩකඩම්, වගා කටයුතු ආදියෙන් ඉහළ ආදායම් ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරවලින්ද ලාභ ප්‍රයෝජන අත්වේ. එහෙත් නිෂ්ඵල වියදම් යෙදීමටද, ධන හානිවලට ද ඉඩ ඇති බැවින් උපයන ධනය වියදම් කිරීමේදී ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකී රක්ෂා කටයුතු බෙහෙවින් දියුණුවට පත් වේ. පැවති රැකියා බාධා දුරු වන අතර මෙතෙක් ඉටු නොවූ රැකියා බලාපොරොත්තු පහසුවෙන් ඉටුකර ගත හැකි වේ. උසස් වීම්, තනතුරු ආදිය මෙන්ම පහසු ස්ථානවලට අපේක්ෂා කළ ස්ථාන මාරු ආදියද ලබාගත හැකි වේ. විදෙස් රැකියා බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ.

ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබට සෙනසුරු ඒරාෂ්ටකයක් ආරම්භ වී ඇති නිසා සිත් පීඩා ඇති විය හැකිය. පවුල තුළ සතුටට, සමගියට බාධා ඇති වේ. පවුලේ අය වෙනුවෙන් වියහියදම් කිරීමට ද සිදුවේ. නොකළ වැරදිවලට චෝදනා ලැබීමට ඉඩ ඇත. මෙම වර්ෂය තුළ ඔබ කිසිම වැරදි ක්‍රියාවකට යොමු නොවිය යුතුය. එසේ වුවහොත් ඔබේ පවුලේ ජීවිතයට හානි මෙන්ම නීතියෙන් පවා ඔබ වැරදිකරුවකු වීමට ඉඩ ඇත. සෙනසුරු 12 වැන්නේ ගමන් කරන නිසා ඔබ තුළ ආගමික නැඹුරුවක් ඇතිවිය හැකි බැවින් ඉන් ප්‍රයෝජන ගෙන හැකිතාක් ආගමට නැඹුරුව සිටිය යුතුය.

අධ්‍යාපනය – මෙම වර්ෂයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට සුබදායකයි. කේතු ද 5වැන්නේ ගමන් කරන බැවින් අධ්‍යාපන කටයුතු හොඳින් ඉටුකර ගත හැකි අතර තරග විභාග ආදියෙන් ද ජය අත්වේ. අධ්‍යාපන කටයුතු සඳහා අන් අයගේ උදවු උපකාර හිමි වන අතර විදේශීය අධ්‍යාපනයට ද අවස්ථාව හිමි වේ.

සෞඛ්‍යය – මේ වසරේ ඔබේ ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. පවතින අසනීප තත්ත්වයන් වැඩි විය හැකි අතර උණ, උදරාබාධ, ලේ සම්බන්ධ රෝග, හෘදයාබාධ ආදිය ඇති විය හැකිය. මෙම රෝගාබාධ ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටද ඇති විය හැකිය. ඒවා නිසා වියහියදම් මෙන්ම බොහෝ වෙහෙස මහන්සි වීමට ද ඔබට සිදු වේ.

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *