තුලා – ධනය ලැබීම් අතින් සුබයි
ආර්ථිකය – විපරීත රාජයෝග තුනක් සමඟින් ඇරඹෙන මෙම නව වසර ධනය පැත්තෙන් ඔබට ඉතා සුබදායී වේ. ලග්නාධිපති 6 වැන්නේ වීමත්, ගුරු 9 වැන්නට පැමිණීමත් නිසා ඔබේ වැඩ කටයුතුවලට අවශ්‍ය පරිදි මුදල් ලැබෙයි. රාහුගේ සහ කේතුගේ මහ දශා අතුරු දශා ගත කරන අයට මේ තත්ත්වය වඩාත් සුබදායක වේ.
රැකියාව – ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතුද ඉතා සාර්ථකව සිදු කර ගත හැකි අතර රැකියාවේ උසස්වීම් ආදියද හිමි වේ. නව රැකියා, ස්වයං රැකියා ඇරඹීමට ද මෙම වර්ෂයේ ඉතාම සුබදායකයි. නව ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීම ද ඉතා සුදුසුයි. ඔබ ආයතන ප්‍රධානියෙකු නම් නිවැරදි තීරණ ගැනීමට අවස්ථාව ලැබෙන අතර අනෙකුත් රැකියා කරන්නන්ටද රැකියා ස්ථානයේ සියලු දෙනා සමඟ සුහදශීලීව නිවැරදිව කටයුතු කළ හැ
ගෘහ ජීවිතය – පවුලේ අය සමඟ කටයුතු කිරීමේදී ඔබ කිසි විටෙක ඉක්මන් තීරණ නොගත යුතුය. කෝප නොවී හැම විටම ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඔබේ ගෘහ ජීවිතය වාසනාවන්ත සහ සතුටුදායක කරගත හැකිය. කෙසේ වෙතත් ගුරු 9වැන්නේ ගමන් කිරීම නිසා ඔබ වඩාත් ආධ්‍යාත්මික අංශයට නැඹුරු වන අතර ඒ තුළින් ඔබේ සිතුවිලි පහන් බවට පත්ව නිවස තුළ සැප, සතුට දියුණුව උදාකර ගැනීමටද විශ්වයෙන් අවකාශ සැලෙස්.
අධ්‍යාපනය – ගුරු 9 වැන්නේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වෙයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර විදෙස් රටවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව වැනි පහසුකම් ආදිය හිමි වෙයි. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැක. ලේඛන, මාධ්‍ය සහ ශාස්ත්‍රීය අංශවල කටයුතු කරන අයට මේ වර්ෂය වඩා සුබදායකයි.
සෞඛ්‍යය – මෙම වර්ෂය තුළ ඔබට තදබල සෞඛ්‍යය ගැටලු ඇති නොවේ. ඉඳහිට සුළු අසනීප ඇති වුවත් පොදුවේ නීරෝගි ජීවිතයක් ගත කළ හැකි අතර ඔබේ දරුවන්ට බෝවන රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති