මකර – හදිසි ධන ලාභ
ආර්ථිකය – මකර ලග්න හිමි ඔබට මේ ලැබූ වර්ෂය බෙහෙවින් සුබදායක වේ. ඔබේ ආර්ථිකය සම්බන්ධව පැවැති බොහෝ බාධා ඉවත්ව යන අතර යහපත් ආර්ථිකයක් ගොඩනංවා ගත හැකි වේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද, ණය තුරුස් වලින් නිදහස් කිරීම වීමටද හැකි වේ. හදිසි ධන ලාභ, මැණික් ලාභ, ලොතරැයි ජය වැනි ලැබීම් ඔබට ඇති අතර නව ධනෝපායන මාර්ග ආරම්භ කිරීමට ද සුදුසු වසරකි.
රැකියාව – මෙම වර්ෂයේ ඔබගේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා ස්ථානය තුළ ඔබට ඉහළ පිළිගැනීමක් හිමි වෙයි. සතුරු බල බිඳීගොස් ඔබේ බලය වැඩි වී ඔබ කරන සෑම කටයුත්තක්ම සාර්ථක වන මෙම වර්ෂයේ රැකියා උසස් වීම් ද හිමි වේ. පහසු ස්ථානවලට ඔබ බලාපොරොත්තුව සිටි ස්ථාන මාරුවීම් ලැබෙන අතර විදෙස් රැකියා බලාපොරොත්තු ද පහසුවෙන් ඉටු කර ගත හැකි වේ.
ගෘහ ජීවිතය – ඔබේ ගෘහ ජීවිතය මෙම වර්ෂය තුළ ඉතාම සතුටුදායක ලෙස ගත කළ හැකිය. පැවැති දුක් දොම්නස් පහව ගොස් ආදරය, සතුට, සෙනෙහස මැද පවුලේ සියලු දෙනාටම එක්ව කටයුතු කළ හැකි වසරක් උදා වී ඇත. ඥාති මිත්‍ර උදව් උපකාරද හිමි වේ.අමනාපව සිටි අය පවා ඔබ සොයා පැමිණේ.
අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතුද බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වේ. අලුත් විෂය ක්ෂේත්‍රයක් හැදෑරීම ආරම්භ කිරීමට ද සුදුසු වර්ෂයකි. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැක.
සෞඛ්‍යය – ඔබේ ශරීර සෞඛ්‍ය යහපත් වන අතර පැවැති අසනීප මඟ හැරී යයි. එසේ වුවත් උෂ්ණ රෝග, උදරාබාධ, හිස සම්බන්ධ රෝග ආදිය වරින්වර ඇති විය හැකි බැවින් එම අවස්ථාවලදී වහා ප්‍රතිකාර ගැනීමෙන් එම රෝග පීඩාවන් ද දුරු කර ගත හැකිය.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති