කටක – තැන්පත් ධනයේ වර්ධනයක්
ආර්ථිකය – මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. වැය පක්ෂයද ඉහළ ගියද ඔබට තිබූ ණය මුදලකින් නිදහස් වීමට හැකිවන අතර තැන්පත් ධනයේද වර්ධනයක් සිදු විය හැකිය. ආර්ථිකයේ දියුණුවක් ළඟා කර ගත හැකි වසරකි.
රැකියාව – මෙම වර්ෂයේ ඔබේ දක්ෂතාවලට තැනක් ලැබෙන අතර ඒ නිසාම රැකියා කටයුතුවලද විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. යම් හෙයකින් පසුගිය කාලයේ ඔබේ රැකියාව අහිමි වී තිබුණානම් ඔබට සහ නව රැකියා අපේක්ෂිත අයට රැකියා හිමි වෙයි. අපේක්ෂිත තනතුරු, උසස්වීම් ආදිය හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාර කටයුතුද දියුණු වේ.
ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය ඉතා වාසනාවන්ත ලෙස ගත කළ හැකිය. සැමියා, බිරිය, දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම එකට එක්ව සතුටින් කාලය ගත කළ හැකි වසරකි. නිවස තුළ සාමය, සමගිය, සතුට නොමඳව පවතී. නිවසේ දියුණුවටද අවශ්‍ය කටයුතු සලසාගත හැකිය. සමාජයේද ගෞරවය, පිළිගැනීම, සැලකිල්ල හිමි වන අතර ආගමික කටයුතුවලටද විශේෂයෙන් යොමු වේ. ඔබේ දෙලොව දියුණුවටම වැඩ සලසා ගත හැකි වසරකි.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ පැවැති අලසකම, පසුබෑම මෙම වර්ෂයේදී පහව යන අතර ඔබ අමුතුම ප්‍රබෝධයකින් අධ්‍යාපන කටයුතුවල නිරත වේ. ඒ නිසාම විභාග ආදියෙන් ජය ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම විදෙස් අධ්‍යාපනය සම්බන්ධව ඇති බලාපොරොත්තුද පහසුවෙන් ඉටු කර ගත හැකි වසරකි.
සෞඛ්‍යය – මෙම වර්ෂයේ ඔබගේ ශරීර සෞඛ්‍යය නම් තරමක් අයහපත් තත්ත්වයකට පත් වෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, හිසරුදාව වැනි සෙම් රෝග ඇතිවිය හැකි අතර නිතර නිතර සුළු අසනීප ගති නිසා ශරීරය පීඩාවට පත් වේ.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති