කුම්භ – ආදායම් සමඟ වියදම්
ආර්ථිකය – මෙම වර්ෂයේ ඔබට ආදායම් හොඳින් ලැබුණත් ඒ සමඟම වියදම් ද අධිකව යෙදෙන බැවින් ආර්ථික දියුණුවක් උදාකර ගැනීම අසීරුය. ආදායම් ලැබීම් යහපත් වන අතර ධන ලාභවලට පවා හිමිකම් තිබුණද ඒ සමගම හදිසි වියදම් ද යෙදේ. මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු කිරීමෙන් වැළකී ඔබ සතු ධනය ප්‍රවේශම් කර ගැනීමට කටයුතු කළ යුතුය. ගුරු මහ දශා අතුරු දශා ගත කරන අයට ධනය ලැබීම අතින් ඉතා සුබදායක තත්ත්වයක් පවතී.
රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් දක්නට අැත්තේ මිශ්‍රඵලදායක තත්ත්වයකි. 2වැන්නේ ගමන් කරන සෙනසුරුගේ බලපෑම හේතුවෙන් රැකියා ස්ථානය තුළ කලකිරීම්, බාධාවීම් ආදිය ඇති විය හැක. සතුරු කරදර මතු විය හැක. එහෙත් රැකියා ස්ථානය තුළ ඔබට පැවරෙන රාජකාරි නිවැරදිව ඉටු කිරීමෙන් එම අසුබතාවලින් වැළකිය හැකිය.
ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ යුග ජීවිතය තුළ මත ගැටුම සහ පවුලේ සමගියට බාධා සිදු වන දේ ඇතිවිය හැකි බැවින් නිවස තුළ කටයුතු කිරීමේදී සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහකයින්ගේ දරුපල අපේක්ෂාවන් ඉටු වන අතර සුදුසු වයසේ සිටින අයට සුදුසු මංගල යෝජනා උදා වේ.
අධ්‍යාපනය – ගුරු 5 වැන්නේ ගමන් කරන මේ වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාමත් සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු බෙහෙවින් දියුණුවට පත්වන අතර අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් නිරායාසයෙන් හිමි වේ. මතක ශක්තිය, අවබෝධ ඥානය වර්ධනය වන අතර තරග විභාග ආදියෙන් ජයග්‍රහණය කළ හැකි වේ.
සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය දුර්වල විය හැකි බැවින් සාමාන්‍ය අසනීප තත්ත්වයකදී වුව ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග, විස වීම්, තුවාල, හදිසි අනතුරු ආදිය ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….