Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල - මිථුන ලග්නය

සිංහල හා හින්දු අලුත් අවුරුදු ලග්න පලාපල – මිථුන ලග්නය

2 weeks ago 10.2 K

මිථුන – බලාපොරොත්තු නොවූ ලාභ

ආර්ථිකය – මෙම වර්ෂයේ මිථුන ලග්න හිමි ඔබට ජීවිතයේ දියුණුව උදාකර ගැනීමට ඉතාම සුබ වර්ෂයකි. මිල මුදල් ලැබීම අතින් මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ ලාභ ලැබිය හැකිය. එමෙන්ම හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරීමටද සිදුවේ.

රැකියාව – ඔබගේ භාග්‍යස්ථානාධිපති මෙන්ම කර්මස්ථානාධිපති ද වන සෙනසුරු 10 වැන්නේ ගමන් කරන බැවින් මෙම වර්ෂයේ රැකියා කටයුතු වෙනුවෙන් තරමක් වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදු වුවත්, ඒ හේතුවෙන්ම රැකියාවේ විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ද වැඩිපුර වෙහෙස මහන්සි විය යුතු වන අතර ඔබේ මහන්සියේ තරමට උපරිම ලාභ ලබාගත හැකි වසරකි.

ගෘහ ජීවිතය – ගුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ නායකත්වය සහ පෞරුෂත්වය කැපී පෙනෙන අතර ආධ්‍යාත්මික අංශයටද වැඩි නැඹුරුවක් ඇති වේ. ඔබේ ජීවිතයේ ලෞකික සැපය වෙනුවෙන් බොහෝ දේ ලැබෙන අතර නිවසේද දියුණුවක් ඇති වේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වන අතර ස්ත්‍රී පුරුෂ සබඳතා බෙහෙවින් දියුණුවේ.

අධ්‍යාපනය – ලග්නගතව සිටින ගුරුගේ දෘෂ්ටිය 5 වැන්නට හා 9 වැන්නට ලැබෙන මෙම වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායකයි. අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමි දරුවන්ට මෙම වර්ෂයේ බොහෝ අලුත් දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙයි. අධ්‍යාපනයට හොඳ ගුරුවරු ලැබෙන අතර මතක ශක්තිය, අවබෝධ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවලට ශිෂ්‍යත්ව මෙන්ම ඥාතීන්ගේ පවා උදව් උපකාර ලැබේ.

සෞඛ්‍යය – මේ වර්ෂයේ ඔබේ ශරීර සෞඛ්‍යය බොහෝ දුරට යහපත් වන අතර පැවැති ලෙඩ රෝග සුව අතට හැරෙයි. පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂයේ ඔබට සුබදායක වන අතර ඔබගේ දියුණුව උදෙසා කරනු ලබන කටයුතුවලට නව ඇරඹුමක් ගත හැකි වසරකි.

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *