මිථුන – බලාපොරොත්තු නොවූ ලාභ
ආර්ථිකය – මෙම වර්ෂයේ මිථුන ලග්න හිමි ඔබට ජීවිතයේ දියුණුව උදාකර ගැනීමට ඉතාම සුබ වර්ෂයකි. මිල මුදල් ලැබීම අතින් මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ ලාභ ලැබිය හැකිය. එමෙන්ම හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරීමටද සිදුවේ.
රැකියාව – ඔබගේ භාග්‍යස්ථානාධිපති මෙන්ම කර්මස්ථානාධිපති ද වන සෙනසුරු 10 වැන්නේ ගමන් කරන බැවින් මෙම වර්ෂයේ රැකියා කටයුතු වෙනුවෙන් තරමක් වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදු වුවත්, ඒ හේතුවෙන්ම රැකියාවේ විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ද වැඩිපුර වෙහෙස මහන්සි විය යුතු වන අතර ඔබේ මහන්සියේ තරමට උපරිම ලාභ ලබාගත හැකි වසරකි.
ගෘහ ජීවිතය – ගුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ නායකත්වය සහ පෞරුෂත්වය කැපී පෙනෙන අතර ආධ්‍යාත්මික අංශයටද වැඩි නැඹුරුවක් ඇති වේ. ඔබේ ජීවිතයේ ලෞකික සැපය වෙනුවෙන් බොහෝ දේ ලැබෙන අතර නිවසේද දියුණුවක් ඇති වේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වන අතර ස්ත්‍රී පුරුෂ සබඳතා බෙහෙවින් දියුණුවේ.
අධ්‍යාපනය – ලග්නගතව සිටින ගුරුගේ දෘෂ්ටිය 5 වැන්නට හා 9 වැන්නට ලැබෙන මෙම වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායකයි. අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමි දරුවන්ට මෙම වර්ෂයේ බොහෝ අලුත් දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙයි. අධ්‍යාපනයට හොඳ ගුරුවරු ලැබෙන අතර මතක ශක්තිය, අවබෝධ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවලට ශිෂ්‍යත්ව මෙන්ම ඥාතීන්ගේ පවා උදව් උපකාර ලැබේ.
සෞඛ්‍යය – මේ වර්ෂයේ ඔබේ ශරීර සෞඛ්‍යය බොහෝ දුරට යහපත් වන අතර පැවැති ලෙඩ රෝග සුව අතට හැරෙයි. පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂයේ ඔබට සුබදායක වන අතර ඔබගේ දියුණුව උදෙසා කරනු ලබන කටයුතුවලට නව ඇරඹුමක් ගත හැකි වසරකි.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ අවසන් කටයුතු කරයි
දන්සලේ අනතුර සිදු වී සතියයි! තවත් බීමත් රියදුරෙක් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි උඳුරාගනියි!
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක්
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි
අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්යක්ෂ ශානි අබේසේකරට ලිපියක්
‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් ඉල්ලා හිටපු ජනපතිනි චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
අතුරුදන්ව සිටි රජයේ සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි
කාලගුණයේ නවතම දැනුම්දීම
උසස් පෙළ විෂය ධාරාව අලුත් කරන්න සැරසෙයි
බස් සංගම් දැඩි තීරණයක් ගනියි! හෙට සිට බස් ධාවනය සීමා වෙයි!