මීන – සුබ අසුබ මිශ්‍ර වසරක්
ආර්ථිකය – මෙම වර්ෂය මීන ලග්න හිමි ඔබට ධනය අතින් සුබ අසුබ මිශ්‍ර වර්ෂයකි. ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබට ධනය ලැබුණත් එම ධනය ලබා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වීමට ද සිදුවේ. එමෙන්ම ඔබේ ධනය නිකරුණේ වියදම් වීමට ඇති ඉඩකඩ වැඩිය. සොර සතුරු කරදරවලට පවා ලක්විය හැකිය. එම නිසා ඔබ ඉතාමත් සැලකිල්ලෙන් මෙම වර්ෂයේ ඔබේ ධනය ප්‍රවේශම් කර ගත යුතුය. කිසිසේත්ම මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු සිදු නොකළ යුතුය.
රැකියාව – රැකියා කටයුතු සම්බන්ධව ඔබ උනන්දුවෙන් සහ උත්සාහයෙන් කටයුතු කරන බැවින් රැකියා කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. වරින් වර රැකියා සම්බන්ධව ගැටලු මතු වුවත් ඒවාට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ ඇත. කේළාම් ඕපාදූප ආදියෙන් ඔබට සිත් පීඩා ඇති වෙයි. එසේ වුවත් ඔබට පැමිණෙන රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමෙන් රැකියා කටයුතු සාර්ථක කර ගත හැකිය.
ගෘහ ජීවිතය – මෙම වර්ෂය තුළ ඔබේ විවාහ සැපතට බාධා පැමිණිය හැකි බැවින් යුග ජීවිතය ගත කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. පවුල තුළ මතභේද ගැටුම් ඇති විය හැකි අතර අඹුසැමියන් දුරස් වීමට ද ඉඩ ඇත. මෙම වර්ෂයේ ඔබට විවාහය යෝජනා ලැබුණත්, ඒවා පිළිබඳ තීරණ ගත යුත්තේ ද ඉතාමත් කල්පනාකාරීව තෝරා බේරාගෙනය.
අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතුවලට ද තරමක් බාධා මතුවිය හැකි බැවින් වෙනදාට වඩා දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් මෙම වර්ෂය තුළ අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය. කම්මැලි අලස ගති, කළකිරීම් කල් දැමීම් ආදිය ඔබ අතින් සිදු විය හැකිය. එම බාධා ජයගෙන කටයුතු කිරීමට සිතේ ශක්තිය ඇති කර ගැනීමෙන් ඔබේ අධ්‍යාපන කටයුතුවලින් නිසි ඵල ලබා ගත හැකිය.
සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ද ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු අතර විශේෂයෙන් දත්වල ආබාධ, සෙමාශ්‍රිත රෝග පීඩා ආදීය ඇති විය හැකිය. සුළු අසනීපයකදී වුව ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන අතර අනතුරු ආදියෙන්ද ප්‍රවේශම් විය යුතුය.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!