ධනු – අවිවාහක අයට මංගල යෝජනා
ආර්ථිකය – මෙම වර්ෂය ධනු ලග්න හිමි ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත් සුබදායී වසරකි. මෙම වර්ෂයේ ඉතා සුබ ග්‍රහ තත්ත්වයක් පවතින අතර, පැවැති ගැටලු නිරාකරණය වී පෙර පින් බලයෙන් ඔබේ බොහෝ කටයුතු සාර්ථක වෙයි. ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට මෙම වසර ඉතාම සුදුසුයි. ව්‍යාපාරවලින් ඔබට ඉතා ඉහළ ලාභයක් අත්පත් කර ගත හැකිය. රැකියා කටයුතුවලින් ද ඉහළ ආදායම් ලැබේ.
රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා සම්බන්ධ ඔබේ සියලු අපේක්ෂාවන් පහසුවෙන් ඉටු වේ. ඔබේ රැකියා කටයුතුවලට සියලු දෙනාගේ සහාය ලැබෙන අතර ව්‍යාපාර කටයුතුද බෙහෙවින් සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාර සඳහා ඔබට විශ්වාසවන්ත සුදුසු සහකරුවන් සහ ඔවුන්ගේ සහයෝගය ලැබේ.
ගෘහ ජීවිතය – ගුරු 7 වැන්නේ ගමන් කරන මෙම වර්ෂයේ ඔබගේ විවාහ ජීවිතය ඉතාම සාර්ථක වෙයි. විවාහ ජීවිතය තුළ ආදරය, සෙනෙහස උතුරා යන අතර අඹු දරුවන් සමඟ ඉතාම සතුටින් කාලය ගත කළ හැකිය. නිවසේ දියුණුවට වැඩ කටයුතු සිදු වන අතර දරු සම්පත් ද හිමි වේ. අවිවාහකයින්ට ඉතාම සුදුසු මංගල යෝජනා ලැබෙන අතර දැනට පවතින පෙම් සබඳතාවලට වැඩිහිටි ආශීර්වාදය ලැබෙයි.
අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව සිදුකර ගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් පහසුවෙන් ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වේ. මේ වර්ෂයේ ඔබගේ සහජ දක්ෂතා මතුවන, ඒවාට නිසි තැනක් ලැබෙන වසරකි.
සෞඛ්‍යය – තදබල රෝග පීඩා ඇති නොවුණත් ශරීර සෞඛ්‍යය පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් විය යුතු වන අතර වාත රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත. විශේෂයෙන් මවගේ අසනීප වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වේ.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!