ධනු – අවිවාහක අයට මංගල යෝජනා
ආර්ථිකය – මෙම වර්ෂය ධනු ලග්න හිමි ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත් සුබදායී වසරකි. මෙම වර්ෂයේ ඉතා සුබ ග්‍රහ තත්ත්වයක් පවතින අතර, පැවැති ගැටලු නිරාකරණය වී පෙර පින් බලයෙන් ඔබේ බොහෝ කටයුතු සාර්ථක වෙයි. ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට මෙම වසර ඉතාම සුදුසුයි. ව්‍යාපාරවලින් ඔබට ඉතා ඉහළ ලාභයක් අත්පත් කර ගත හැකිය. රැකියා කටයුතුවලින් ද ඉහළ ආදායම් ලැබේ.
රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා සම්බන්ධ ඔබේ සියලු අපේක්ෂාවන් පහසුවෙන් ඉටු වේ. ඔබේ රැකියා කටයුතුවලට සියලු දෙනාගේ සහාය ලැබෙන අතර ව්‍යාපාර කටයුතුද බෙහෙවින් සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාර සඳහා ඔබට විශ්වාසවන්ත සුදුසු සහකරුවන් සහ ඔවුන්ගේ සහයෝගය ලැබේ.
ගෘහ ජීවිතය – ගුරු 7 වැන්නේ ගමන් කරන මෙම වර්ෂයේ ඔබගේ විවාහ ජීවිතය ඉතාම සාර්ථක වෙයි. විවාහ ජීවිතය තුළ ආදරය, සෙනෙහස උතුරා යන අතර අඹු දරුවන් සමඟ ඉතාම සතුටින් කාලය ගත කළ හැකිය. නිවසේ දියුණුවට වැඩ කටයුතු සිදු වන අතර දරු සම්පත් ද හිමි වේ. අවිවාහකයින්ට ඉතාම සුදුසු මංගල යෝජනා ලැබෙන අතර දැනට පවතින පෙම් සබඳතාවලට වැඩිහිටි ආශීර්වාදය ලැබෙයි.
අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව සිදුකර ගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් පහසුවෙන් ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වේ. මේ වර්ෂයේ ඔබගේ සහජ දක්ෂතා මතුවන, ඒවාට නිසි තැනක් ලැබෙන වසරකි.
සෞඛ්‍යය – තදබල රෝග පීඩා ඇති නොවුණත් ශරීර සෞඛ්‍යය පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් විය යුතු වන අතර වාත රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත. විශේෂයෙන් මවගේ අසනීප වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වේ.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….