කන්‍යා – වෘත්තීය කටයුතුවලින් ආදායම්
ආර්ථිකය – මෙම වර්ෂයේ ඔබේ ආර්ථිකය පවතින්නේ මධ්‍යස්ථ මට්ටමකයි. ඔබට තදබල ආර්ථික පීඩාවක් ද ඇති නොවන අතර ඔබ කරන වෘත්තීමය කටයුතු හෝ ව්‍යාපාර කටයුතුවලින් ඔබට බලාපොරොත්තු වන ආදායම් ලැබීමට පුළුවන. එහෙත් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවන අතර ඔබ ඔබට ලැබෙන ආදායම් කවර හෝ අනපේක්ෂිත හේතුවලට වියදම් වන බවක්ද පෙනෙන්නට තිබේ.
රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකීරක්ෂා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙයි. රැකියා කටයුතු සම්බන්ධව පැවති සතුරු පීඩා දුරු වන අතර රැකියා උසස් වීම් ආදිය බලාපොරොත්තුව සිටි අයට ඒවා හිමි වේ. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ රැකියා බලාපොරොත්තු ඉටු වන අතර ව්‍යාපාර කටයුතුද සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වේ.
ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබට ඉතා හොඳින් කම් සැප විඳීමට අවස්ථාව ලැබෙයි. එහෙත් සෙනසුරු 7 වැන්නේ ගමන් කරන නිසා ඔබ එහිදී ඉතා ප්‍රවේශම් විය යුතුය. කම් සැප වැරදි ආකාරයෙන් විඳීමට යාමෙන් ඔබට ඒ වෙනුවෙන් දඬුවම් විඳීමට සිදු විය හැකිය. එම නිසා පවුලේ අය සමඟ ඉතා විශ්වාසදායීව කටයුතු කළ යුතු අතර පවුල් ජීවිතය සතුටින් හා සමාදානයෙන් පවත්වාගෙන යාමට නම් ඔබ තුළ ඉවසීම පවත්වා ගැනීම ඉතා වැදගත්.
අධ්‍යාපනය – මෙම වර්ෂයේ ඔබේ ඥාන ශක්තිය හොඳින් පවතින නමුදු අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අලස, උදාසීන ගති ඇතිවිය හැකි බැවින් එම ගති දුරලා ධෛර්යමත්ව කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. එසේ නොවුණහොත් අධ්‍යාපනයට බාධා මතුවිය හැකි අතර ඔබේ උත්සාහය තුළින් අධ්‍යාපනයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වසරකි.
සෞඛ්‍යය – සමස්තයක් වශයෙන් ගත් කල මෙම වර්ෂයේ පෙරට වඩා ඔබේ ශරීර සෞඛ්‍යය තත්ත්වය යහපත් වේ. මෙතෙක් පැවති අසනීප සුව වේ. එහෙත් දත් රෝග, ලිංගාශ්‍රිත රෝග, උණ වැනි රෝග තාවකාලිකව ඇති විය හැකිය. මෙම රෝග ඔබේ විවාහ සහකරුට ඇතිවීමටද ඉඩ තිබේ.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!