වෘෂභ – ව්‍යාපාර කටයුතු දියුණුවට
ආර්ථිකය – වෘෂභ ලග්න හිමි ඔබට ධන කාරක ගුරු 2 වැන්නේත්, යෝගකාරක සෙනසුරු 11වැන්නේත් ගමන් ගන්නා මෙම වර්ෂය ධනය අතින් ඉතාම සුබදායක වර්ෂයකි. කලකට පසු එළඹී මෙම වර්ෂයෙන් ඔබ උපරීම ප්‍රයෝජන ලබා ගත යුතුය. මෙම වර්ෂයේ ඔබ නිසරු ඉඩමක් වගා කළද එයින්ද හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. පොළොව ආශ්‍රීත කටයුතුවලින් ඉහළ ආදායම් ලැබේ. නිවාස ඉඩකඩම් දේපළ ආදිය ඔබට ලාභදායී ලෙස මිලදී ගැනීමටත්, වාසිදායක ලෙස විකුණා ගැනීමටත් හැකිවේ. ව්‍යාපාර කටයුතුද බෙහෙවින් දියුණුවේ. හදිසි ධන ලාභ ආදිය හිමි වේ. ආයෝජනවලට ඉතාම සුදුසු වර්ෂයකි.
රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතුද බෙහෙවින් දියුණුවට පත් වේ. රැකියාවෙන් ලැබෙන ආදායම් වර්ධනය වේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමි වේ. රැකියා උසස්වීම් තනතුරු ආදිය හිමි වේ. රැකියා කටයුතු සම්බන්ධ ඇවිදිලි තරමක් වැඩි වන අතර රැකියා වෙනස් කිරීමට ඔබට සිත් පහළ විය හැකි බැවින් එවන් අවස්ථාවලදී ඉතාමත් නිවැරදිව තීරණ ගන්න. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. විශේෂයෙන් විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ.
ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය ඉතා වාසනාවන්ත වේ. විවාහකයින්ගේ විවාහ ජීවිතයේ සැප, සතුට වර්ධනය වේ. පවුල් ජීවිතය තුළ ආදරය, සතුට, සමගිය දෝර ගලා යයි. දරුපල අපේක්ෂාවන්ද ඉටුවේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වේ.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නියැළි සිටින වෘෂභ ලග්න හිමි ඔබට මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් ලැබෙන අතර මතක ශක්තිය හා අවබෝධ ශක්තිය වර්ධනය වේ. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැකි වේ.
සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය සහ ශරීර ශක්තිය තරමක් දුර්වල විය හැකි අතර පපුව ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග ඇති අය වඩා ප්‍රවේශම් විය යුතු අතර දණහිසෙන් පහළ කොටසේ ආබාධ ඇතිවීමට ඉඩ ඇත.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට