Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල - වෘෂභ ලග්නය

සිංහල හා හින්දු අලුත් අවුරුදු ලග්න පලාපල – වෘෂභ ලග්නය

2 weeks ago 17.3 K

වෘෂභ – ව්‍යාපාර කටයුතු දියුණුවට

ආර්ථිකය – වෘෂභ ලග්න හිමි ඔබ⁣ට ධන කාරක ගුරු 2 වැන්නේත්, යෝගකාරක සෙනසුරු 11වැන්නේත් ගමන් ගන්නා මෙම වර්ෂය ධනය අතින් ඉතාම සුබදායක වර්ෂයකි. කලකට පසු එළඹී මෙම වර්ෂයෙන් ඔබ උපරීම ප්‍රයෝජන ලබා ගත යුතුය. මෙම වර්ෂයේ ඔබ නිසරු ඉඩමක් වගා කළද එයින්ද හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. පොළොව ආශ්‍රීත කටයුතුවලින් ඉහළ ආදායම් ලැබේ. නිවාස ඉඩකඩම් දේපළ ආදිය ඔබට ලාභදායී ලෙස මිලදී ගැනීමටත්, වාසිදායක ලෙස විකුණා ගැනීමටත් හැකිවේ. ව්‍යාපාර කටයුතුද බෙහෙවින් දියුණුවේ. හදිසි ධන ලාභ ආදිය හිමි වේ. ආයෝජනවලට ඉතාම සුදුසු වර්ෂයකි.

රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතුද බෙහෙවින් දියුණුවට පත් වේ. රැකියාවෙන් ලැබෙන ආදායම් වර්ධනය වේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමි වේ. රැකියා උසස්වීම් තනතුරු ආදිය හිමි වේ. රැකියා කටයුතු සම්බන්ධ ඇවිදිලි තරමක් වැඩි වන අතර රැකියා වෙනස් කිරීමට ඔබට සිත් පහළ විය හැකි බැවින් එවන් අවස්ථාවලදී ඉතාමත් නිවැරදිව තීරණ ගන්න. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. විශේෂයෙන් විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ.

ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය ඉතා වාසනාවන්ත වේ. විවාහකයින්ගේ විවාහ ජීවිතයේ සැප, සතුට වර්ධනය වේ. පවුල් ජීවිතය තුළ ආදරය, සතුට, සමගිය දෝර ගලා යයි. දරුපල අපේක්ෂාවන්ද ඉටුවේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වේ.

අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නියැළි සිටින වෘෂභ ලග්න හිමි ඔබට මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් ලැබෙන අතර මතක ශක්තිය හා අවබෝධ ශක්තිය වර්ධනය වේ. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැකි වේ.

සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය සහ ශරීර ශක්තිය තරමක් දුර්වල විය හැකි අතර පපුව ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග ඇති අය වඩා ප්‍රවේශම් විය යුතු අතර දණහිසෙන් පහළ කොටසේ ආබාධ ඇතිවීමට ඉඩ ඇත.

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *