වෘශ්චික – උත්සාහයෙන් ජයග්‍රහණය
ආර්ථිකය – වෘශ්චික ලග්න හිමි ඔබට මෙම වසරේ ඔබේ උත්සාහය මත ප්‍රමාණවත් ධනයක් උපයා ගත හැකිය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වන ආදායම් ලැබෙන නමුත් උපයන ධනය ක්ෂණිකව වියදම් වීමට කරුණු යෙදේ. එම නිසා තැන්පත් ධනයක් පවත්වා ගැනීම අසීරු වේ.
රැකියාව – මෙම වර්ෂය ඔබේ රැකීරක්ෂා කටයුතුවලට යහපත්ය. උත්සාහයෙන් සහ උනන්දුවෙන් රැකීරක්ෂා කටයුතුවල නිරත වීමෙන් රැකියා දියුණුව, උසස්වීම් ආදිය ලබා ගත හැකි වේ. සිතේ සතුටින් රැකියාවේ නිරත විය හැකි වර්ෂයකි. පැමිණෙන බාධා මැඬපවත්වා ගැනීමට හැකි උපක්‍රමශීලී ගතිය මේ වර්ෂයේ ඔබ තුළ පවතී.
ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය තරමක් ගැටලු සහිත විය හැකිය. පවුලේ අය සමඟ නිතර අමනාප වීම් ඇති වේ. පවුලේ කෙනෙකුට මාරක අපලයක්ද ඇති විය හැකිය. දරුවන් අසනීප වීමටද, දරුවන් තුළ හිතුවක්කාර ගති ඇතිවීමට ද ඉඩ ඇත. එම නිසා පවුල තුළ සතුට හා සමගිය පවත්වා ගැනීමට ඔබ බෙහෙවින් ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුය.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන් ද මෙම වර්ෂය තුළ වෙනදාට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. සාහිත්‍ය, කලා කටයුතුවල නිරත වෘශ්චික ලග්න හිමියන්ට එම කටයුතුවල දියුණුවක් අත්පත් කර ගත් ගැනීමට හැකි අතර කලබලකාරී ගතියෙන් තොරව නුවණින් විමසා බලා කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත හැකිය.
සෞඛ්‍යය – ඔබ මෙම වර්ෂය තුළ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. ගුද මාර්ගයේ අසනීප, ආමාශගත රෝග, වාත රෝග වැනි රෝග පීඩා ඇති විය හැකි අතර ප්‍රතිශක්තිය ද දුර්වල විය හැකිය. නිතර අලස, උදාසීන ගති පැවැතිය හැකිය. හදවත් රෝග ඇති අය මෙම වර්ෂයේ විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති