Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල – සිංහ ලග්නය

සිංහල හා හින්දු අලුත් අවුරුදු ලග්න පලාපල – සිංහ ලග්නය

2 weeks ago 6.3 K

සිංහ – ආයෝජනවලට සුබ වසරක්

ආර්ථිකය – ධනකාරක ගුරු අයස්ථානයේ ගමන් ගන්නා බැවින් මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. ගොවිතැන්, වෙළහෙළඳාම්, ව්‍යාපාර, රැකියා කටයුතුවලින් බලාපොරොත්තු වන පරිදි ආදායම් ලැබෙන අතර මෙම වර්ෂයේ ආයෝජනවලට ද ඉතාම සුදුසුයි. එහෙත් ඔබට සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයක් පවතින බැවින් උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව ඒරාෂ්ටකය බලවත්නම් මුදල් සම්බන්ධ කටයුතුවලදී ඔබ ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය.

රැකියාව – රැකීරක්ෂා කටයුතුවලට තරමක බාධා මෙන්ම රැකියා කරන ස්ථානය තුළ සතුරු කරදර ද මතුවිය හැකිය. ඒ හේතුවෙන් රැකියාව නිසා සිත් පීඩා ඇතිවන අතර ඇතැම් විට රැකියා වෙනසක් පවා සිදු විය හැකිය. එසේ වුවත් ඔබ ඉතා උනන්දුවෙන් හා නිවැරදිව රැකියා කටයුතුවල නිරත වන්නේ නම් විශාල දියුණුවක් හා ගෞරවයක් බලාපොරොත්තු වීමට පුළුවන.

ගෘහ ජීවිතය – නොගැළපෙන සම්බන්ධතා ආදිය ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් මෙම වර්ෂයේ ඔබ ඒවායින් බොහෝ දුරට ප්‍රවේශම් විය යුතුය. වැරදි ලෙස කම් සැප සෙවීමට යාම නිසා ඔබට බොහෝ කරදර නින්දා, අපහාස, සිත් වේදනා ඇති විය හැකි වසරකි. එම නිසා හැඟීම් පාලනය කරගෙන කටයුතු කිරීම තුළින් පවුල තුළ සතුට පවත්වාගත හැකිය.

අධ්‍යාපනය – මෙම වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලැබෙන අතර ඔබ උපක්‍රමශීලී ලෙස කටයුතු කරන වසරක් ද වේ. ඔබ උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන්නේ නම් තරග විභාග ආදියෙන් ඉතා පහසුවෙන් සමත් විය හැකිය.

සෞඛ්‍යය – ඔබගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙම වසරේ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කායික ශක්තිය අඩු විය හැකි අතර මානසික පීඩා ද නිතර ඇතිවීමට පුළුවන. කැසීම්, කුෂ්ඨ රෝග, ලිංගාශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ, ධාතු දුර්වලතා, වකුගඩු ආබාධ ආදිය සෑදීමට ඉඩ ඇති අතර මේවා ඔබගේ විවාහ සහකරුට වුවද සෑදිය හැකිය.

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

සිළුමිණ පුවත්පත ඇසුරෙන්….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *