
ලුණුගල පොලිස් වසමේ උඩකිරුව රක්ෂිතයේ, උඩකිරුව ප්‍රදේශයේදී ඊයේ (අගෝ. 11) පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලුණුගල පොලිස් වසමේ, ලුණුගල ප්‍රදේශයේ පදිංචි වයස අවු 14ක දැරියක මෙලෙස පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 53 යන වයසේ පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා අදාළ දැරියව පැහැරගෙන ගොස් උඩකිරුව රක්ෂිත ප්‍රදේශයේ දින අටක් තිස්සේ සඟවාගෙන සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා ලුණුගල රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
අගෝස්තු 3 වන දා අදාළ දැරිය පැහැරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ලුණුගල පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව පස්සර සහ ලුණුගල කඳවුරුවල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙම ඒකාබද්ධ වැටලීම සිදු කරනු ලැබ තිබේ.


පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්