
ලුණුගල පොලිස් වසමේ උඩකිරුව රක්ෂිතයේ, උඩකිරුව ප්‍රදේශයේදී ඊයේ (අගෝ. 11) පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලුණුගල පොලිස් වසමේ, ලුණුගල ප්‍රදේශයේ පදිංචි වයස අවු 14ක දැරියක මෙලෙස පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 53 යන වයසේ පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා අදාළ දැරියව පැහැරගෙන ගොස් උඩකිරුව රක්ෂිත ප්‍රදේශයේ දින අටක් තිස්සේ සඟවාගෙන සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා ලුණුගල රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
අගෝස්තු 3 වන දා අදාළ දැරිය පැහැරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ලුණුගල පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව පස්සර සහ ලුණුගල කඳවුරුවල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙම ඒකාබද්ධ වැටලීම සිදු කරනු ලැබ තිබේ.


ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)