පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.
කොළඹ ගාලු මුවදොර අරගල කරුවන්ට කණ්ඩායමක් පහර දීමෙන් අනතුරුව ප්‍රචණ්ඩවූ පිරිසක් විසින් ඉකුත් මැයි මස නව වෙනිදා පුද්ගලයෝ 20 කට වැඩි සංඛ්‍යාවක් බේරේ වැවට මෙලෙස ඇද දමා විවිධ හිරිහැරයට පත්කරනු ලැබූහ.
බේරේ වැවට ඇද දැමූ පිරිස අතර කාන්තාවෝ කිහිප දෙනෙක්ද වූහ.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කළ බව කියන පුද්ගලයෙක් කොළඹ වෑකන්ද ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින මේ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක අයෙකි.
මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු පිරිසක් ඔහු බිමට බස්සවා ඔහුගේ මුදල් පසුම්බිය කොල්ලකා අනතුරුව බේරේ වැවට තල්ලු කර ඇතැයි පොලිසිය පවසයි.
පුද්ගලයන් බේරේ වැවට තල්ලු කළ සෙසු පුද්ගලයන් සොයා ගැනීමටද පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යයි
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
surce – lankadeepa

බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට