රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.
එහෙත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බව අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මේ අතර රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර ඇති අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය වඩාත් විදිමත්ව හා කාර්යක්ෂමව මෙන්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන විවිධ අංශවල ඇති සේවකයින් සංඛ්‍යාව තුලනය කිරීමට ද මේ වනවිට රජය කටයුතු කරමින් සිටී.
එමෙන්ම පසුගිය කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධීධාරීන් 60,000ක පමණ පිරිසට අවශ්‍ය ස්ථාන වෙන්කර ලබාදීම වෙනුවෙන් අදාළ කමිටුව මගින් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි