ලබන මස පළමුවැනිදා සිට සහල් කිලෝවකට සියයට දෙක හමාරක සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී තිබෙන බවත්, මේ නිසා සහල් කිලෝවට අදාළ බදු මුදල එකතු කිරීමට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.
සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බවද ඔහු කීවේය. ලංකාව තුළ සහල් අතිරික්තයක් තිබියදී පිටරටින් සහල් ආනයනය කෙරෙන බවද ඔහු පැවසුවේය. ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයන්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන ඇතැයිද සභාපතිවරයා පැවසීය.
ඉකුත් 2020/21 මහකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන පහක් බවත්, වාර්තාගත අස්වැන්නක් එලෙස ලැබී තිබියදීත් සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත්, සහල් ආනයනය සිදුකළේ කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ සිදුවූ අඩුවක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බවත් ඔහු කීවේය.
අසීමිත ලෙස සහල් මිල ඉහළ ගියේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකුගේ තක්කඩිකම නිසා බවත්, කෘෂිකර්ම නිලධාරීන්ගේ කොන්ද පණනැති නිසා මෙම තත්වය උද්ගතවූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුදු කරපටිකරුවන් දෙපැත්තේම කටවල් වසාගෙන බලාගෙන හිටියා රට සහල් ටික එනතුරු. ඒ නිසා ලංකාව උකසට තියලා අනවශ්‍ය ලෙස ණයට පිටරටින් සහල් ගෙනාවා. මිනිස්සුන්ට කන්න නැති වෙලාවක රටේ තියෙන සහල් ටික කුකුළු ආහාරවලට ලබා ගැනීමට උත්සාහ කිරීම සාපරාධීයි. මහින්ද අමරවීර ඇමැතිවරයා කාලා තියෙන්නේ ලණුවක්.’’ යැයි ඔහු පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700 කට වඩා වැසී ගොස් ඇති බවත්, මහා පරිමාණ සහල් මෝල්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් වැසී ඇති බවත්, ලබන වසරේ වී අස්වැන්න විශාල වශයෙන් වැඩි වන බවද ඔහු පැවසුවේය.
උපුටාගැනීම – ‘අරුණ’

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට