ජාතික පාසල් සහ පළාත් සභා පාසල්වලට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට තිබූ තරග විභාගය අත්හිටුවන ලෙස ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් නිෂ්ප්රභ වීම හමුවේ තරග විභාගය පැවැත්වීමට ඉදිරියේදී හැකිවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි ප්රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින පෙත්සමට අදාළව තීරණය ලැබීමෙන් අනතුරුව කඩිනමින් තරග විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කරන බවයි මන්ත්රීවරයා සඳහන් කළේ.
ඔහු කියා සිටියේ රැකියා විරහිත උපාධිධාරීන්ට ද මේ සඳහා ඉල්ලීම් කිරීමේ හැකියාව පවතින බවයි.
එවන් පසුබිමක තමන්ව වහාම ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට බලකරමින් සමස්ත ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ඊයේ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
අනතුරුව සමස්ත ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් 10 දෙනෙකුට ජනාධිපති මහජන සබඳතා අධ්යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුණා.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි