මහා මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඔහු කොල්ලකරුවෙකු යැයි වරදවා වටහා ගෙන ගම්වැසියන් විසින් පහර දී තිබෙනවා.
කොළඹ සිට වැලිමඩ දක්වා බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, බස් රථය තුළදීම නින්දයාම හේතුවෙන් තම ගමනාන්තය මගහැරී වෙනත් තැනකින් බැස ගමන් කිරීමේදී මෙලෙස පහරදීමකට ලක්ව තිබෙනවා.
අදාළ පුද්ගලයාට පහර දෙන විඩියෝව ගම්වාසියෙකු විසින් වීඩියෝ කර සමාජ මාධ්ය වෙත නිකුත්කර තිබෙනවා.
එම සමාජ මාධ්ය වීඩියෝව දැකීමෙන් පසුව පහර කෑ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සියදිවි නසාගෙන තිබෙන්නේ, වින්දිත රාමචන්ද්රන් පුවනේෂ්වරන් නොහොත් මුරලි නැමති වයස 34ක් වූ පුස්සැල්ලාව රොත්ස්චයිල්ඩ් වතුයායේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ, රොත්ස්චයිල්ඩ් වතුයායට යන අතරතුර ඔහු බස් රථයේ නිදාගෙන අලුයම 2.00ට පමණ රම්බොඩ ප්රදේශයෙන් බැස ඇති බවයි.
තමා ගමන් කළ මාර්ගය මගහැරුණු නිසා උදව් පතා දොරට තට්ටු කිරීමෙන් පසුව, ඔහු සොරෙකු යැයි සිතා නිවැසියන් කෑගසා තිබෙනවා.
එම ශබ්දය ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට දිව ගොස් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා.
පසුව ඔහුව ගසක බැඳ කොත්මලේ පොලිසියට භාර දී තිබෙන අතර, ඔහු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙන්නේ ඔහු නිර්දෝෂී බවයි.
එමෙන්ම පුද්ගලයාගේ දෙමව්පියන් මියගොස් ඇති බවත්, ඔහුගේ එකම සහෝදරිය වෙනත් ප්රදේශයක ජීවත්වන බවත් හෙළිවී තිබෙනවා.
ඉන් අනතුරුව පොලිසිය විසින් ඔහුව වෛද්ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු රොත්ස්චයිල්ඩ් වතුයායේ ඥාතීන්ට භාර දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහුට පහර දුන් පුද්ගලයින් සිද්ධියේ වීඩියෝව සමාජ මාධ්ය වෙත මුදා හැරීමත් සමඟ ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණා.
කොත්මලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්