ක්ෂණිකව ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිතය ගැනීම නිසා හෝටල් කාමර තුළ තරුණයන් මිය යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව හෙළිවි ඇත.
හදිසියේ මිය යන තරුණයන්ගේ මරණ පරීක්ෂණ බොහෝමයකදී ඔවුන් සිය සහකාරියන් සමග සිටින අවස්ථාවලදී ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීරද තහවුරු කළාය.
විශේෂයෙන් වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ පිරිස මෙලෙස වෛද්‍ය උපදෙස් නොමැතිව විවිධ වර්ගයේ ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිත කිරීමට පෙලඹී ඇත.
මෙලෙස විවිධ ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත කිරීම හේතුවෙන් කොළඹ නගරයේ මසකට තරුණයන් පස් දෙනකුවත් මියයන බව මරණ පරීක්ෂණ උසාවි වාර්තා පෙන්වා දෙයි.
මෙවැනි ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ ගන්නේ නම් ඊට පෙර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද වෛද්‍යවරු අවධාරණය කරති.
(අරුණ – වරුණි පෙරමුණ)

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි