ක්ෂණිකව ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිතය ගැනීම නිසා හෝටල් කාමර තුළ තරුණයන් මිය යාමේ ප්රවණතාවක් ඇතිවී තිබෙන බව හෙළිවි ඇත.
හදිසියේ මිය යන තරුණයන්ගේ මරණ පරීක්ෂණ බොහෝමයකදී ඔවුන් සිය සහකාරියන් සමග සිටින අවස්ථාවලදී ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීරද තහවුරු කළාය.
විශේෂයෙන් වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ පිරිස මෙලෙස වෛද්ය උපදෙස් නොමැතිව විවිධ වර්ගයේ ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිත කිරීමට පෙලඹී ඇත.
මෙලෙස විවිධ ඖෂධ වර්ග වෛද්ය උපදෙස්වලින් තොරව භාවිත කිරීම හේතුවෙන් කොළඹ නගරයේ මසකට තරුණයන් පස් දෙනකුවත් මියයන බව මරණ පරීක්ෂණ උසාවි වාර්තා පෙන්වා දෙයි.
මෙවැනි ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ ගන්නේ නම් ඊට පෙර ඒ සඳහා වෛද්ය උපදෙස් ලබා ගත යුතු බවද වෛද්යවරු අවධාරණය කරති.
(අරුණ – වරුණි පෙරමුණ)

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්