Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

5 months ago

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.

අද (5) පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් ඔහු පවසා සිටියේ, මී.මී. 125කට ආසන්න වැස්සක් එම ප්‍රදේශයට ඇදහැලී ඇති බවය.

කෙසේ නමුත් අනෙකුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැළුණු බවත්, ගංගාවල ජල මට්ටමේද ලොකු වැඩිවීමක් නොපෙන්වන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ඒ අනුව අනෙක් ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම තුළ ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *