ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබෙනවා.
ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මේ වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බැවින් ඉදිරි දින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවුවහොත් ජලාශයේ ජල මට්ටම් උපරිම අගය දක්වා පැමිණෙනු ඇති බවයි.
ඒ අනුව වාන් දොරටු විවෘත කිරීමක් සිදුකළ හොත් ඒ පිළිබඳව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රචාරණ කටයුතු හරහා සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමට මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරුවරයා විසින් මේ වන විට සිය කළමනාකරණ ඒකකය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වනවා.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්