Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට

1 month ago

ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මේ වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බැවින් ඉදිරි දින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවුවහොත් ජලාශයේ ජල මට්ටම් උපරිම අගය දක්වා පැමිණෙනු ඇති බවයි.

ඒ අනුව වාන් දොරටු විවෘත කිරීමක් සිදුකළ හොත් ඒ පිළිබඳව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රචාරණ කටයුතු හරහා සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමට මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරුවරයා විසින් මේ වන විට සිය කළමනාකරණ ඒකකය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *