මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානම් සහිත තත්ත්වයක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවේ නායයෑමේ බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ කිසිදු පාසලක් ඉවත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය කළේය.
මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 3ක විශේෂඥ කණ්ඩායම් 15ක් සමග සිදුකළ මෙම පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ එම පාසල්වලට දිවෙන මාර්ග ගිලා බැසීමට ලක්ව අබලන් තත්ත්වයේ පවතින බවය.
එබැවින් එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට රජයට නිර්දේශ කර ඇති අතර, මධ්‍යම පළාත තුළ පිහිටි එම ස්ථානයන්හිදී තවදුරටත් පාසල් පවත්වාගෙන යාම සුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයය වෙත දැනුම්දීමක් ද සිදුකර තිබේ.
මෙහිදී එම පර්යේෂණ තක්සේරු වාර්තාව සකස්කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි විශේෂඥයන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥයන් පිරිසක් සහභාගි වී ඇත.
මෙහිදී මධ්‍යම පළාත තුළ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන ප්‍රමුඛතාව සැලකිල්ලට ගනිමින් පසුගිය 9වනිදා සිට 15 වනිදා දක්වා මෙම අවදානම් තත්ත්ව පරීක්ෂාව සිදු කරනු ලැබීය.
පසුගිය නොවැම්බර් 27 දින සිට 30දක්වා ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) විසින් මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්කයන්හි බලපෑමට ලක්වූ පාසල්වල ඇති නායයෑම් අවදානම් තත්ත්වයන් මෙම තක්සේරු පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර තිබේ.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්‍යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්