Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මධ්‍යම පළාතේ පාසල් ගැන NBRO දුන් සහතිකය

4 weeks ago

මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානම් සහිත තත්ත්වයක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවේ නායයෑමේ බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ කිසිදු පාසලක් ඉවත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය කළේය.

මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 3ක විශේෂඥ කණ්ඩායම් 15ක් සමග සිදුකළ මෙම පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ එම පාසල්වලට දිවෙන මාර්ග ගිලා බැසීමට ලක්ව අබලන් තත්ත්වයේ පවතින  බවය.

එබැවින් එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට රජයට නිර්දේශ කර ඇති අතර, මධ්‍යම පළාත තුළ පිහිටි එම  ස්ථානයන්හිදී තවදුරටත් පාසල් පවත්වාගෙන යාම සුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයය වෙත දැනුම්දීමක් ද සිදුකර තිබේ.

මෙහිදී එම පර්යේෂණ තක්සේරු වාර්තාව සකස්කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි විශේෂඥයන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥයන් පිරිසක් සහභාගි වී ඇත.

මෙහිදී මධ්‍යම පළාත තුළ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන ප්‍රමුඛතාව සැලකිල්ලට ගනිමින් පසුගිය 9වනිදා සිට 15 වනිදා දක්වා මෙම අවදානම් තත්ත්ව පරීක්ෂාව සිදු කරනු ලැබීය.

පසුගිය නොවැම්බර් 27 දින සිට 30දක්වා ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) විසින් මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්කයන්හි බලපෑමට ලක්වූ පාසල්වල ඇති නායයෑම් අවදානම් තත්ත්වයන් මෙම තක්සේරු පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *